We have witnessed thirty years of armed conflict and the erosion of democratic values entrenched in the first post-independence Constitution. The end of the armed conflict brought with it high expectations of a just peace, strengthened democracy and development.  The proposed changes to the Constitution do not merely disappoint these expectations, but in themselves give rise to grave apprehensions.

Major changes affecting the scope of the President’s powers are being rushed through as “urgent in the national interest”. They were approved at a special meeting of the Cabinet on Monday 30th August, and referred immediately to the Supreme Court. We understand that the final form of the Bill was made available to concerned citizen groups and legal counsel only halfway through the Attorney-General’s submissions to the Supreme Court at the hearing on 31 August.  We see no justification for having certified the Bill as “urgent in the national interest”. Such certification gives the Supreme Court very little time to reach its determination, and restricts the opportunity for members of the public to intervene and make representations at the hearing.
“What is contemplated is a judicial decision  as to whether a provision of a Bill is inconsistent with the constitution. A judicial decision means that the court must judge conscientiously and as correctly as it possibly can. To do this the court must first inform itself regarding the arguments for and against, read the authorities cited, and make up its mind. The human mind is not an automaton which can be called upon to make a decision in a limited time without regard to arguments, reasons or precedents. A judge should be convinced of the correctness of his decision before he decides. If he decides with a mental reservation that he has not had time to explore all aspects of a question, he should not decide, as he may decide wrongly, and thus the citizens may be deprived of the benefit of an important safeguard.” (S. Nadesan  QC address to the Constitutional Court, 1972)
The Bill is reportedly to be debated to a finish on Wednesday 8 September.  All this within the space of ten days!  Political parties, civil society groups, concerned citizens and the media have had no adequate time to discuss the provisions of the Bill or express views on its content and implications for future governance. To engage in informed public discussion is surely a basic right of the people. Its denial indicates a cynical disregard of citizens’ rights and the public interest.
1. Main objections to the Bill
(a) It seeks to eliminate the limitation placed by the constitution on the Executive President’s term of office; and
(b) It dilutes, to the extent of negating, the effect of the Constitutional Council responsible for nominating and/or approving suitable candidates to the Supreme Court, the Court of Appeal and the independent Election, Public Service, Police, Judicial Services and Human Rights Commissions.
The 1978 Constitution confers near absolute powers on the executive presidency, coupled with immunity from legal action. This has contributed to an erosion of the key institutions necessary for good governance.  This is evidenced by the reality of political interference with law enforcement agencies such as the police as well as the public service and the conduct of elections to legislative bodies.  For these reasons abolishing the Executive Presidential system was incorporated in election manifestos of many parties over the years, including in the Mahinda Chinthanaya of 2005.
Democratic governance requires adequate checks on state power. The only existing checks on the executive President of Sri Lanka are (a) the limitation of the presidency to two terms and (b) the Constitutional Council (as created by the Seventeenth Amendment to the Constitution).  We are of the opinion, that the presidential immunity was conferred in view of that term limit.  If the term limit is to go, then the immunity conferred on the President must also be removed. For the knowledge that at a definite time within the foreseeable future the President will once again be legally accountable for acts committed whilst in office is a powerful deterrent against misuse of power.
The reality of abuse of executive powers that the country witnessed in these key areas was addressed to some extent by the Seventeenth Amendment which provided for independent commissions.   While recognizing the weaknesses in the Seventeenth Amendment with regard to the method of appointment of the Constitutional Council, we must appreciate that it was for the purpose of introducing mechanisms to prevent  abuse of Presidential powers and minimize political interference with key institutions. The proposed amendment once again gives t he President untrammeled power to make direct appointments to bodies that should, in the interests of the people, be independent of political pressure. If this becomes law, a President will only have to obtain “the observations” of others; and will not be bound to follow those observations. We  unreservedly  oppose this move. 
 The President will be required to attend Parliament at regular intervals, but this cannot be considered an arrangement that will make him accountable to Parliament in the manner of a Prime Minister.
A check on the executive is the only way to protect citizens’ rights.  Hence the importance of fundamental rights challenging state action, and the limited term of the presidency.  That a person may be a Prime Minister or a Minister or an MP or Leader of the Opposition any number of times is irrelevant because they do not exercise the same near-absolute powers. More important, they do not have the immunity from legal action that the Presidency enjoys.
Current arguments on the need to re-elect a President for unlimited terms personalize the issue and focus on the importance of permitting President Rajapaksa to be a Presidential candidate for many terms given his landslide electoral success.  However, Constitutional amendments will incorporate conditions that will apply irrespective of personal considerations, to any successor to this office.
The proposed amendment will further entrench the worst features of the Presidential system of Government under the present Constitution.    The government did not receive a two thirds majority with a mandate from the people to introduce these major changes to our political life.
Development is about the rights and wellbeing of the people. To deny to the people accountable governance and democratic space is to make a mockery of the development process, especially in the context of a post-conflict society.
We seek the support of all Sri Lankans, in calling upon members of Parliament to exercise their right to vote against the Bill
We appeal to fellow citizens and civic-minded organisations  to prevail on the government to postpone the enactment of the  Amendment  until the public has time to be properly informed,  to  debate,  and to respond to its implications
We appeal to the President to even at this stage halt the process that has been set in motion, and to revert instead to the long-hoped-for and many-times-promised abolition of the executive presidency.
Suriya Wickremasinghe
Hony. Secretary
Civil Rights Movement
5 September 2010

The Friday Forum supports the above statement.
The Friday Forum is a concerned group of prominent citizens who meet frequently, giving thought as to how they could help the government in accelerating peace, ethnic harmony, equitable socio economic development and ensuring good governance


මහජනතාව වෙත කරනු ලබන කාරුණික ආයාචනයයි.

වසර තිහක ආයුධ සන්නද්්ධ ගැටුම සහ නිදහසින් පසු ප්‍රථම ව්‍යවස්ථාවේ සඳහන්වූ ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයන් සෝදා පාළුවට ලක්වනු අපි දුටුවෙමු. ආයුධ ගැටුමේ අවසානය සමග සාධාරණ සාමයක් ඇතිවී ප්‍රජාතන්ත්‍රවාදය සහ සංවර්ධනය ශක්තිමත් වනු ඇතැයි අපි අපේක්ෂා කෙළෙමු. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන යෝජිත සංශෝධනය මෙම බලාපොරොත්තු සුන්කළා පමණක් නොව දැඩි සැකයක් ද මතුකරයි.

ජනාධිපතිවරයාගේ බල පරාසයේ් විශාල වෙනස්කම් ඇතිකරන මෙම සංශෝධනය zzජාතික අවශ්‍යතාවයන් උදෙසා හදිසිZZපනතක් ලෙස සම්මත කර ගැනීමට සැරසෙනු පෙනේ. අගෝස්තු මස 30 වන සඳුදා පැවති විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙය අනුමත කරන ලද අතර  එය  අනුමතවූ සැනින් ශ්‍රෙAෂAඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී. අවසාන පනත් කෙටුම්පත අදාළ පුරවැසි කණ්ඩායම් හා නීතිඥයන් වෙත ලැබී ඇත්තේ අගෝස්තු 31 වන දින ශ්‍රේෂ්ඨාධිකරණයේදී මේ පිළිබඳ විමර්ෂනයේදී නීතිපති විසින් සිය දේශනය පවත්වද්දී බව අපට දැන ගන්නට ලැබිණි. මෙම කෙටුම්පත zzහදිසි පනතක්ZZලෙස ඉදිරිපත් කිරීමට කිසිදු සාධාරණ හේතුවක් අප දකින්නේ නැත. එසේ කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ප්‍රකාශ කිරීම සඳහා ලබාදෙනුයේ ඉතා කෙටි කාලසීමාවකි. තවද මෙම විමර්ෂණයේදී කරුණු ඉදිරිපත් කිරීම සඳහා මහජනතාවට තිඛෙන අවස්ථාවන්ට ද සීමා පැනවේ.

1972දී ව්‍යවස්ථාÞයක උසාවිය ඉදිරියේ කරුණු දක්වමින් රාජ නීතීඥ එස්.නඩේසන් මෙසේ කීය. zzමෙහිදී අපේක්ෂා කරනු ලබන්නේ පනත් කෙටුම්පතක විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි අධිකරණ තීන්දුවක්  ප්‍රකාශ කිරීමයිි. අධිකරණ තීන්දුවක් යනු උසාවිය හෘදය සාක්ෂියට එකඟව සහ හැකිතාක් දුරට නිැවරදිව බැලිය යුතුයි යන්නයි. එසේ කිරීමට නම් උසාවිය ප්‍රථමයෙන් එA සඳහා පක්ෂ හා විපක්ෂ තර්ක පිළිබඳව දැනුවත් වී, කැඳවනු ලබන බලධරයන් ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගෙන නිගමනයකට එළඹිය යුතුයි. ඉදිරිපත් කරන කරුණු, හේතු හෝ පෙර නිදර්ශනයන් පිළිබඳ සැලකිල්ලට නොගෙන සීමා සහිත කාලයක් තුළ තීරණයක් ගැනීමට තරම් මිනිස් සිත් සතන් ස්වයංක්‍රීය එකක් නොවේ. විනිශ්චයකරුවෙකු තමන් තීරණයක් ගැනීමට පෙරාතුව තම තීරණයේ නිවැරදි බව පිළිබඳව මනා අවබෝධයක් ලිබිය යුතුය. අÞළ සියළු කරුණු සම්බන්ධයෙන් තොරතුරු විමසා බැලීමට කාලය නොතිබුණේයයි මානසික සැකයකින් ඔහු තීරණ ගන්නේ නම් ඔහු වැරදි තීරණයකට එළැඹීමට ඉඩ ඇති බැවින් ඔහු තීරණ නොගත යුතුයි. එසේකළහොත් ගන්නා තීරණය වැරදි එකක් විය හැකිය. පුරවැසියන්ට දැඩි ආරක්ෂාවක් සැලසීම එවන් තීන්දුවකින් අහිමිවීයාමට පුළුවන්.,

මෙම කෙටුම්පත සැප්තැම්බර් 8 බදාදා විවාද කර අවසන් කිරීමට නියමිත බව වාර්තා වේ. මේ සියල්ල සිදුවන්නේ දින දහයක කාලසීමාව තුලය. දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, අදාළ පුරවැසියන් සහ ජනමාධ්‍යයන්ට මෙම කෙටුම්පතේ අඩංගු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට හෝ මත ප්‍රකාශ කිරීමට හෝ අනාගතයේ යහ පාලනයක් සඳහා ඇතිවිය හැකි බාධාවන් ගැන කරුණු පෙන්වාදීමට  ප්‍රමාණවත් කාලයක් ලැබුණේ නැත. දැනුවත්වූ මහජන සංවාදයක නිරතවීම නිශ්චය වශයෙන්ම මහජනතාවගේ මූලික අයිතියකි. මෙය ප්‍රතික්ෂේප කිරීම පුරවැසි අයිතීන් සහ මහජන වැදගත්කම පිළිබඳව නොසලකා හැරීමකි.

1. පනත් කෙටුම්පතට විරුද්ධවීමට මූලික හේතු

(අ) ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපතිවරයාගේ ධූර කාලසීමාව පිළිබඳව පනවා ඇති සීමා ඉවත් කිරීම හා

(ආ) ශ්‍රෙAෂAඨාධිකරණය, අභියාචනාධිකරණය සහ ස්වාධීන මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, අධිකරණ සේවා සහ මානව හිමිකම් කොමිෂන් සභා වෙත සුදුසු අපේක්ෂකයන් යෝජනා කිරීමට සහ / හෝ අනුමත කිරීමට වග කියන ව්‍යවස්ථා සභාවේ බලපෑම නිෂේධ කිරීමට තරම් එය දියාරු කිරීම.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති වෙත අධිකරණ ක්‍රියාවලියෙන් මුදන පරම බලයට ආසන්න බලයක් පවරයි. මෙය යහ පාලනයට අවශ්‍ය ප්‍රධාන ආයතන සෝදා පාළුවන්නට ඉඩ හැරීමට දායක විය. පොලිසිය වැනි නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙන්ම රාජ්‍ය සේවය සහ නීතිසම්පාදන ආයතන සඳහා මැතිවරණ පැවැත්වීම දක්වා කරනු ලබන දේශපාලන ඇඟිලි ගැසීම්වල යථාර්ථය සමඟින් මීට සාක්ෂි දරයි. මේ හේතුවෙන් 2005 මහින්ද චින්තනය ඇතුළුව වසර ගණනාවක් තිස්සේ බොහෝ දේශපාලන පක්ෂ තම මැතිවරණ ප්‍රකාශයන්ට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් කළහ.

ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට රාජ්‍ය බලය පිළිබඳව ප්‍රමාණවත් සමබර පැවැත්මක් අවශ්‍යය. ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති මත තිඛෙන සමබර පැවැත්ම වනුයේ  ජනාධිපතිධූරය වාර දෙකකට සීමා කිරීමත්, 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කරන ලද ව්‍යවස්ථා සභාවත් ය.  ජනාධිපති නීතියට යටත් නොකිරීමේ වගන්තිය එකතුකර ඇත්තේද  එම වාර දෙකේ සීමාව මත යැයි අපගේ මතයයි. මෙම වාර සීමාව ඉවත් කරන්නේ නම් ජනාධිපති නීතියට යටත් නොකිරීමේ වගන්තිය ද ඉවත් කළ යුතුයි. බලය අයථා ලෙස පරිහරණය කිරීමට එරෙහිව තිඛෙන්නාවූ බලසම්පන්න නිවාරකය වන්නේ ජනාධිපති තම ධූරයේ සිටියදී සිදු කරනු ලබන වැරදිවලට නුදුරු අනාගතයේදී නීතියට යටත්වනු ඇතැයි යන්නය.

විධායක බලතල අයථා ලෙස භාවිතා කිරීමේ හැකියාව තරමක් දුරට හෝ මගහැරුණේ  17 වන සංශෝධනය හරහා පත් කරන ලද ස්වාධීන කොමිෂන් සභා මගිනි. ව්‍යවස්ථා සභාව පත් කිරීමේ ක්‍රමවේදයේ පවත්නා දුර්වලතාවයන් පිළිගන්නා අතර එය ජනාධිපති බලය අයථා ලෙස පරිහරණය කිරීම සහ මූලික ආයතන සමඟින් දේශපාලන ඇඟිලි ගැසීම් අවම කිරීමේ අරමුණින් ඉදිරිපත් කරන ලද යාන්ත්‍රණයක් බව පිළිගත යුතුය. ස්වාධින හා දේශපාලන බලපෑම් වලින් තොරව පොදු යහපත උදෙසා තිඛෙන ආයතන වලට සෘජූවම පත්කිරීම් සඳහා යෝජිත සංශෝධන යටතේ නැවත වරක් ජනාධිපති වෙත බලය පැවරේ. මෙය නීතිගතවුවහොත් ජනාධිපතිවරයා අන් අයගෙන් ලබාගත යුත්තේ .. නිරීක්ෂණ .. පමණය. එහෙත් එම නිරීක්ෂණ ඉටු කිරීමට බැඳී නොමැත. මෙම උත්සාහයට අපි මුළුමනින්ම විරෝධත්වය පළ කර සිටිමු.

යෝ්ජිත සශෝධනය යටතේ ජනාධිපතිවරයා නියත කාලයකට වරක් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගවිය යුතුවේ. නමුත් මෙම පියවර අග්‍රාමාත්‍යවරයෙකු මෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගවීමේ සැලැස්මක් ලෙස සැලකිය නොහැක.

මහජනතාවගේ අයිතීන් ආරක්ෂා කරගත හැකි එකම මාර්ගය විධායකය   සීමාවන්ට යටත්කිරීම පමණි. එහෙයින් රජයේ ක්‍රියාවන් අභියෝගයට ලක්කිරීමේ මූලික අයිතිවාසිකමෙහි වැදගත්කම සහ ජනාධිපතිධූරයේ වාර ගණනෙහි සීමාව ද වැදගත් වේ. පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය වශයෙන් හෝ අමාත්‍යවරයෙකු වශයෙන් හෝ මන්ත්‍රීවරයෙකු වශයෙන් හෝ විපක්ෂ නායකයෙකු වශයෙන් ඕනෑම වාර ගණනාවක් සිටිය හැකිය. එය මෙයට අදාළ නොවේ. ඊට හේතුව ඒ අය පරම බලය භාවිතා කරන්නේ නැත. ඊටත් වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරයා මෙන් නොව නීතියට යටත් නොවීමක් ඔවුන්ට නොමැත.

ජනාධිපතිවරයාට සීමා රහිත වාර ගණනකට නැවත ඡන්දයෙන් පත් කිරීමේ අවශ්‍යතාවය වර්තමාන ක්‍රමවේදය තුළ පෞද්ගලිකත්වයට පත් කර ඇත. ඔහුගේ අතිවිශාල මැතිවරණ ජයග්‍රහණය සැලකිල්ලට ගෙන ජනාධිපති රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඔහු වාර ගණන් ඉදිරිපත්වීමට ඉඩ සැලසීමේ වැදගත්කම පිළිබඳව මෙහි අවධානය යොමුවී ඇත. කෙසේවෙතත්, ව්‍යවස්ථා සංශෝධන වලින් ඔහුගේ ඕනෑම අනුප්‍රාප්තිකයෙකුට මෙසේ ඉදිරිපත් විය හැකි ආකාරයට කොන්දේසි ඉදිරිපත් කරනු ඇත.

වර්තමාන ව්‍යවස්ථාව යටතේ වූ විධායක ජනාධිපති ක්‍රමයේ වඩාත්ම නරක ලක්ෂණ යෝජිත සංශෝධනයෙන් තහවුරුකරනු ඇත. අපගේ දේශපාලන ජීවයට මෙම ප්‍රධාන වෙනස්කම් හඳුන්වාදීම සඳහා මහජනතාවගේ ජනවරමක් සහිත තුනෙන් දෙකක බලයක් රජයට හිමි වූයේ නැත.

සංවර්ධනය යනු ජනතාවගේ අයිතිවාසිකම් සහ සුබ සාධනය වේ. මහජනතාවට වගවීම් වන පාලනයක් සහ ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතික්ෂේප කිරීම, ගැටුම් අවසන්වූ සමාජයක සංවර්ධන ක්‍රියාවලිය සමච්චලයකට ලක් කරයි.
අපගේ ආයාචනය

මෙම කෙටුම්පතට විරුද්ධව ඡන්දය දීමට තම අයිතිවාසිකම් භාවිතා කරන මෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීම සඳහා සියලූ ශ්‍රී ලාංකිකයන්ගේ සහයෝගය අපි අපේක්ෂා කරමු.

ජනතාව මෙම සංශෝධනය පිළිබඳව උචිත පරිදි දැනුවත් කිරීම, සංවාද කිරීම සහ එහි ප්‍රති විපාක පිළිබඳව අදහස් දැක්වීම සඳහා අවස්ථාවක් ලැඛෙනතුරු මෙම සංශෝධනය නීතියක් බවට පත් කිරීම කල් තබන ලෙස රජයෙන් ඉල්ලා සිටින ලෙස සහෝදර පුරවැසියන්ගෙන් සහ සිවිල් සංවිධාන වෙත අපි ආයචනය කරන්නෙමු.

මෙම අවසාන මොහොතේ හෝ මෙම ක්‍රියාවලිය නතර කර දමන ලෙස අප ජනාධිපතිතුමා වෙත ආයාචනය කරන අතර ඒ වෙනුවට බොහෝ අවස්ථාවන්හී ප්‍රකාශ කළ පරිදි සහ දීර්ඝකාලීනව සිතා ඇති පරිදි විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු

සූරියා වික්‍රමසිංහ
ගරු ලේකම්
ප්‍රජා අයිතිවාසිකම් ආරක්ෂක පෙරමුණ

කුජ දා හමුව (ඉහත ප්‍රකාශය අනුමත කරයි.
කුජ දා හමුව නිතර හමුවී සාමය, ජන කොටස් අතර මිත්‍රත්වය, සහ සාධාරණ සමාජ ආර්ථීක සංවර්ධනය ගොඩනැගීම මෙන්ම යහ පාලනයක් ඇතිකිරීම සඳහා රජයට සහොය්ගය දැක්විය හැකි අයුරු සාකච්ඡාකරන පුරවැසි කණ්ඩායමකි.

/ The 18th Amendment

Share the Post


No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *