ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)

mediapppr

ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම පිළිබද නිරීක්ෂණ (වාර්තා – 1)

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන යටතේ ජනාධිපතිවරණයේ රාජ්‍ය මාධ්‍ය හැසිරීම සම්බන්ධයෙන් අප කළ මූලික නිරීක්ෂණ ඇතුළත් සංක්ෂිප්ත වාර්තාවක් මේ සමග ඉදිරිපත් කරමු.

මෙම මූලික අධ්‍යයනයේදී අප විසින් අවධානය යොමු කරන ලද්දේ රජයේ රූපවාහිනී නාලිකා අතරින් තෝරා ගත් අහඹු නියැදියක ප්‍රධාන සිරස්තල කෙ‍රෙහි පමණකි.

එම නියැදි නිරීක්ෂණයෙන් ලැබී ඇති ප්‍රතිඵල අනුව නිදහස් හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කිරීම සදහා රාජ්‍ය මාධ්‍ය මගින් නිරවද්‍ය, සමබර, අපක්ෂපාතී හා අපාක්ෂික තොරතුරු ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔබතුමන්ගේ උපදෙස්/උපමාන නිකුත් කිරීම  අත්‍යවශ්‍ය කරුණක් සේ පෙනී යයි.

මහජන මුදලින් නඩත්තු වන රාජ්‍ය මාධ්‍ය ආයතන සමතුලිත හා අපක්ෂපාතීභාවයකින් යුතුව ක්‍රියා කරමින් ජනාධිපතිවරණයේදී මහජනාවට දැනුම්වත් තීරණයක් ගැනීමට සුදුසු වේදිකාවක් සැකසිය යුතු බව අප තරයේ විශ්වාස කරන අතර ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කර සුදුසු කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉල්ලා සිටිමු.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා

 

සම්පුර්ණ සවිස්තර වාර්තාව කියවන්න

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *