අතුරු වාර්තාව -1 – 2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය

අතුරු වාර්තාව -1 – 2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය

Weswgb

2015 පාර්ලිමේන්තු මැතිවරණය රාජ්‍ය සම්පත් අයථා පරිහරණය

පොදු දේපල අයථා පරිහරණය පිළිබඳව මේ වනවිට පැමිණිලි 266 ක් අප වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 57 ලැබී ඇත්තේ රජයේ සේවකයන් මැතිවරණ කටයුතු වලට යොදා ගැනීම සම්බන්ධවය. තවත් පැමිණිලි 62 ක් රජයේ වාහන අයුතු ලෙස පරිහරණය කිරීම සම්බන්ධව ලැබී ඇති අතර තවත් පැමිණිලි 15 ක් ලැබී ඇත්තේ රජයේ ගොඩනැගිලි අවභාවිතාව සම්බන්ධයෙනි.

ඉදිරියේදී එළඹෙන මහ මැතිවරණය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ පොදු දේපල රැකගැනීමේ වැඩසටහන එහි පළමු අතුරු වාර්තාව නිකුත් කරනුයේ මහත් සැලකිල්ලෙනි.

පොදු දේපල අයථා පරිහරණය සම්බන්ධව ඉදිරිපත්ව ඇති පැමිණිලි අතුරින් වැඩිම පැමිණිලි ඉදිරිපත්ව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිවය. එම පැමිණිලි සංඛ්‍යාව 127 කි. එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැමිණිලි 115 ක් ද ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව පැමිණිලි 15 ක් ද ලැබී තිබේ.

මැතිවරණ සමයේදී පොදු දේපළ අයථා ලෙස පරිහරණය නොකිරීම හා අනිසි ලෙස යොදා නොගැනීම තහවුරු කිරීම සදහා පොදු දේපළ රැක ගැනීමේ වැඩසටහන ශ්‍රී ලංකාවේ දූෂණය අවම කිරීම සදහා වන තම අරමුණ අනුව යමින් වර්තමාන ජනාධිපතිතුමන් විසින් පාර්ලිමේන්තු මැතිවරණය ප්‍රකාශයට පත්කල පසු 2015 ජූලි මස 10 දින සිට එහි නිරීක‍ෂණ කටයුතු ආරම්භ කළේය. මැතිවරණ දෙපාර්තමේන්තුවේ අවශ්‍ය අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව පොදු දේපළ රැකගැනීමේ වැඩසටහන් කණ්ඩායම් විසින් විශේෂයෙන්ම පොදු දේපළ අවභාවිතයන් නිරීක්ෂණය කිරීම සදහා දිවයිනේ සමස්ත දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන ආකාරයට දැවැන්ත මැතිවරණ නිරීක‍ෂණ ජාලයක් ස්ථාපිත කරන ලදී. තවද පොදු දේපල රැකගැනීමේ වැඩසටහන මගින් මීට අදාල මහජන පැමිණිලි ලබාගැනීම සදහා එහි ක‍ෂණික දුරකථන ඇමතුම් අංක විද්‍යුත් තැපැල් ලිපින හා ෆැක්ස් අංක මහජනයාට විවෘත කරන ලදී. අදාළ ක්‍රියාමාර්ග ගැනීම සඳහා නිරීක‍ෂණ වාර්තා 08 ක් දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකොට ඇති අතර ඉන් කිහිපයක් සඳහා ධනාත්මක ප්‍රතිඵල ලැඛෙමින් පවතී.

සම්පූර්ණ වාර්තාව කියවන්න

 

Share the Post

Comments

No comment yet.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *